Hand-Picked/Curated Posts

Most Popular/Fun & Sports

Hand-Picked/Weekly News

The Most/Recent Articles

iOS 16 හි පළමුවන public beta සංස්කරණය නිකුත් කරේ

 iOS 16 developers beta 3 නිකුත් කිරිමෙන් පසුව, Apple සමාගම විසින් iOS 16හි පළමුවන public beta එක මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙතෙක් Apple සමාගම විසින් iOS 16 හි developers ලා සඳහා පමණක් beta version නිකුත් කර තිබූ අතර මේ වන විට Apple හි developer කෙනෙකු ලෙස register වි නොසිටියත් ඔබට දැන් iOS 16 හි පළමුවන public beta එක test කිරීමට හැකියාව පවතිනවා.

iOS 16 සමග ලැබෙන නවීකරණය කරන ලද Lock Screen එක

Apple සමාගම විසින් WWDC22 keynote එකේදී නිවේදනය කර සිටියේ iOS 16 සමඟ සම්පූර්ණයෙන්ම නවීකරණය කරන ලද Lock Screen එකක්, iMessages app එකෙහි ප්‍රධාන update කිරීම් සහ තවත් බොහෝ දේ තම පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදෙන බවයි.

iOS 16 සමග ලැබෙන ප්‍රධාන විශේෂාංග

කේසේ වෙතත් iOS 16 සහය දක්වන devices පිළිබදව මේ වන විටත් Apple සමාගම විසින් නිවේදනය කර ඇති අතර iOS 16 සහය දක්වන දුරකථනයක් ඔබට තිබේනම් තව දුරටත් iOS 16 හි මුල්ම අත්දැකිම ගැනීමට ඔබ බලා සිටිය යුතු නැත.

iOS 16 සහය දක්වනු ලබන devices
  • iPhone 13
  • iPhone 13 mini
  • iPhone 13 Pro
  • iPhone 13 Pro Max
  • iPhone 12
  • iPhone 12 mini
  • iPhone 12 Pro
  • iPhone 12 Pro Max
  • iPhone 11
  • iPhone 11 Pro
  • iPhone 11 Pro Max
  • iPhone XS
  • iPhone XS Max
  • iPhone XR
  • iPhone X
  • iPhone 8
  • iPhone 8 Plus
  • iPhone SE (2nd generation or later)

ඉහත list එකට අනුව ඔබගේ iPhone එකටත් iOS 16 භාවිතා කිරීමට සහය දක්වන්නේ නම්, ඔබට ඔබගේ iPhone එකේ Safari web browser එකෙන් beta.apple.com වෙත පිවිස ඔබට iOS 16 public beta version එක ලබා ගැනීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් ඔබ එදිනෙදා වැඩ කිරීම සඳහා භාවිතා කරන ඔබගේ iPhone එකට මෙම public beta version එක install කිරිමට අප විසින් නිර්දේශ නොකරනු ලබනවා.

තවමත් මෙය beta version එකක් නිසාවෙන් විවිධ වූ bugs ඇතිවිමේ හැකියාවක් ඇති අතර ඔබට වෙනත් backup iPhone එකක් ඇත්නම් එම දුරකථනයෙන් iOS 16 public beta version එක භාවිතා කරන මෙන් අප නිර්දේශ කරනවා.

වැඩිවුණු Mobitel, Dialog, Hutch දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සේවා ගාස්තු ගැන හරියටම දැනගනිමු

@මෙහි සියලුම දත්ත technews.lk සතුය.



වතින ආර්ථික අර්බුධය හමුවේ කේෂ්ත්‍ර රැසක් සඳහා පනවා තිබූ බදු වෙනස් කිරිමට රජය තීරණය කර තිබෙනවා. 2019 වර්ෂයේ සිට ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමන කිරීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර බදු ආදායම් රටට අහිමි වී තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නව බදු සංශෝධනයන් පිළිබඳව නිවේදනයක් පසුගිය මැයි 31 වනදා නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව විදුලි සංදේශ සඳහා වූ බදු 11.25% සිට 15% දක්වා වැඩි දීමත් සමඟ සියළුම දුරකතන, අන්තර්ජාල සහ smart TV පහසුකම් සපයන ආයතන විසින් ඔවුන්ගේ ඒ ඒ ගාස්තු සඳහා වන පැකේජ සක්ශෝධනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

💡
බොහෝ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් ඔවුන්ගේ පැකේජවල ගාස්තුව වෙනුවට ලබා දෙන දත්ත Data ප්‍රමාණය අඩු කර තිබෙන අතර සමහර සේවාවන් සඳහා අදාල බදු ප්‍රතිශතයට අනුව ගාස්තුව වැඩි කර තිබේ.

Mobitel

Dialog

Hutch

Dialog Home Broadband

Dialog Television

@මෙහි සියලුම දත්ත technews.lk සතුය.

VPN

VPN ගැන සිංහලෙන් | SLD TECH || TECH POSTS


 

VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්‍රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.

මේ නම් දැනගැනීම පිණිස හුගාක් අය මේ ක්‍රමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. එ මොකද කිව්වොත් එ තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1ක තමයි.. හුගාක් වෙලාවට මේ VPN Free දෙනවා bt මේ කරන සියල්ල Record වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.

උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1ක තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.

ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.

Cyber Ghost VPN - http://cyberghostvpn.com/ 

Hotspot Shield - http://www.hotspotshield.com/ 

Open VPN - http://openvpn.net/ 

Tunnel Bear VPN - http://www.tunnelbear.com/ 

Hamachi VPN - https://secure.logmein.com/products/hamachi/

මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය.. ;) ඉහත සෑම Site එකකම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න ද වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න ද වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ. :P. eg : Hulu...etc


මෙහි සම්පූර්ණ කෘත අයිතිය ඇත්තේ https://si.wikipedia.org/wiki/Vpn සතුවේ.. :)

 ලංකාවේ පහුගිය කාලේ ඉතා දරුණුවටම කතා බහ වුණ ඉංග්‍රීසි අකුරු තුන තමා VPN. සමහරු දැන හෝ නොදැන මේ VPN කියන දේ පාවිච්චි කරන්න ගත්තා. අපේ සමහර ෆෝන් හදන අයියලා VPN දාලා දීලා 250/- ක් විතර සල්ලිත් ගත්තලු. VPN දාගත්තම තහනම් කරපු සයිට් වලට යන්න පුළුවන් වුණාලු, සමහර VPN දෙන්නේ නොමිලේ ලු, සමහර ඒවා දෙන්නේ සල්ලි වලට ලු, නොමිලේ දෙන සමහර ඒවා අනතුරු දායක ලු. අපි හැමෝම මේවා ඔහේ කියෙව්වට තේරුමක් ඇතුව නෙවෙයිනේ කියවලා තියෙන්නේ. අද අපි යමු VPN දැනගන්න.

VPN කියන අකුරු තුනේ තේරුම මොකක්ද?

ඔක්කොටම කලින් අපි දැනගන්න එපාය මොකක්ද මේ VPN කියන අකුරු තුනෙන් කියවෙන්නේ කියලා. VPN කියන්නේ Virtual Private Network කියන එක. ඕක සිංහලයට දැම්මොත්, "අතථ්‍ය පෞද්ගලික ජාලය" කියන එක. මෙතන අතථ්‍ය කිව්වේ අතාත්වික, එහෙමත් නැත්නම් සැබෑ ලෙසම පවතින්නේ නැති, මනඃකල්පිත වගේ එකක්. ඇයි මේකට එහෙම කියන්නෙ. අපි බලමු ඇයි කියලා ඉදිරියේදී.

ඔයාට අන්තර්ජාල සැපයුම ලැබෙන හැටි.

අපි ඒක පැහැදිලි කරගමු සරල උදාහරණයකින්

ඔයා දැන් උපකල්පනය කරන්න ඕන, ඔයාගෙ ගෙදරට වතුර එන වතුර ලයින් එකේ තියෙන්නෙ බට නෙවෙයි, ඇළමාර්ග කියලා. අපි ක්‍රිස්තු පූර්ව බර ගණන් වලට වගේ යමු. ඔන්න දැන් ඔයාලගෙ පාර දිගට තියෙන්නේ මහ විසාල ඇළ මාර්ගයක්. (බට ලයින් නැහැ) ඔයාලගෙ ගෙදරට වතුර සැපයුම ලබාගන්න තියෙන්නේ කාණුවක්. ඒ කාණුව හරහා වතුර ගලාගෙන ඇවිල්ලා ඔයාලගෙ ටැංකියකට පිරෙනවා, එතකොට පුළුවන් ඔයාලට ඒ වතුර පරිභෝජනයට ගන්න. හරිනෙ?

ඔයාලගෙ අල්ලපු ගෙවල් වල ඇන්ටිලාගෙ වැඩේ තමයි මේ ඔයාලගෙ කාණුව දිහා හොරෙන් බලන් ඉන්නෙක. ඒ විතරක් නම් මදෑ, වතුර දෙන ජල සම්පාදන එකේ එවුණුත් බලන් ඉන්නවා ඔයාලගෙ කාණුව දිහා. ඒ බලන් ඉන්න උන්ට පුළුවන්නේ, වතුර කොච්චර ගලනවද, අපි කොච්චර වතුර පාවිච්චි කරනවද, ගලන වතුර මොන පාටද, ඒ වතුර පාරේ සාරි ගප්පි ඉන්නවද, ක්ලෝරීන් සුවඳ එනවද? වගේ අටෝරාසියක් දේවල් අරුන්ට බලන් ඉන්න පුළුවන් නෙ.

ඔයාලගෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ දත්ත ගලා යාම හරියට මෙන්න මේ කාණු සීන් එක වගේ.  අන්තර්ජාලයේ ඉඳන් (ලෝකේ කොහේ හෝ තියෙන සර්වර් එකක ඉඳන්) දත්ත ඔයා ගාවට ගලාගෙන එන්නේ මේ ඇල මාර්ගයක් වගේ පාරක.  ඔයා ඉන්ටනෙට් එකේ කරන ගොඩක් දේවල් සමහර අය බලන් ඉන්නවා.

ඉන් ප්‍රධානම එකා තමයි ඔයාගෙ ISP නොහොත් Internet Service Provider නොහොත් අන්තර්ජාල සේවා සපයන්නා. (ජල සම්පාදන එකේ උන්) ඒ තමයි එක්කො SLT, නැත්නම් Dialog, නැත්නම් Hutch, Airtel... අන්න උන් ටික. එයාලා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඔයාලට මාර්ගය හදලා දෙන්නේ (කාණුව කපලා දෙන්නේ) උන් කාණුව කපලත් දීලා කාණුවේ යන වතුර දිහත් බලන් ඉන්නවා. ඇයි ඒ?

අන්න ඒක තමයි අපිටත් ප්‍රශ්නෙ. අන්න එතනදි තමයි VPN එක අපිට උපකාර කරන්නේ.

VPN එකකින් වෙන්නෙ මොකක්ද?

VPN එකකින් කරන්නෙ ඔයාගෙ ගෙදරට එන කාණුව මැද්දෙන් PVC බටයක් දාලා ඒක අස්සෙන් වතුර ගලාගෙන යන්න සෙට් කරලා දෙන එක. දැන් කාලා හමාරයි. අර ඇන්ටිලාට පේන්නෑ දැන් අපි පාවිච්චි කරන වතුර වල විස්තරේ. ජලසම්පාදනේ උන්ට පේන්නෙත් නෑ. උන්ට පේන්නෙ එකම දෙයයි, මෙයාලා වතුර මෙච්චර ප්‍රමාණයක් ගත්තා, හැබැයි ඒ වතුර බොර පාටද?, ඒ වතුර වල මාළු හිටියද? ඒ වතුර වල ක්ලෝරීන් තිබුණද? අනන් මනන් මොකවත් ඩීටේල් එකක් පේන්නෙ නෑ.

හරි, මේක උදාහරණ නැතුව කිව්වොත්, VPN එකෙන් කරන්නේ ඔයත්, අදාළ නෙට්වර්ක් එකත් (internet එක කියමුකො) අතර වෙන දත්ත ගලා යාම වෙන අයට නොපෙනෙන විදියට වහලා දාන එක. ඒක කරන්නෙ කොහොමද? ඒක කරන්නෙ Encryption වලින්. ඒ කියන්නෙ මොකක්ද? ඊළඟට බලමු!

Encryption යනු...

දත්ත Encrypt කරනවා කියන්නෙ මෙහෙම එකක්,

ඔයයි ඔයාගෙ කෙල්ලට/කොල්ලටයි ඕන අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරන්න. හැබැයි අම්මා ඔය මැසේජ් කියෙව්වොත් ලෝක තොප්පියයි. ඉතින් ඔයා මොකක්ද කරන්නේ? ඔයයි ඔයාගෙ කෙල්ලයි කතා වෙනවා මෙන්න මෙහෙම හොර වැඩක් කරන්න. ඔයාලා දෙන්නා යවන මැසේජ් වලට පොඩි වෙනසක් කරන්න. ඔයාලා A අකුර වෙනුවට ගහන්නෙ B අකුර. B වෙනුවට ගහන්නෙ C අකුර, C වෙනුවට ගහ්න්නෙ D අකුර. හැම අකුරක් වෙනුවටම ඊට පස්සෙ තියෙන අකුර ගන්නවා. ඔන්න උදාහරණයක්.

Baba mama gedara awa. (Normal message)

Cbcb nbnb hfebsb bxb. (Encrypted message)

දැන් තේරෙනවද Encryption කියන වැඩේ බරපතළකම? එක අකුරක් එහෙ මෙහෙ කරාම එන ප්‍රතිඵලය තනිකර අණ්ඩර දෙමළයක් නෙ.

මෙහෙමයි දැන් ඕක, කොල්ලා කෙල්ලට මැසේජ් එක යවනවා කියලා හිතමු. කොල්ලා කරන්නෙ මැසේජ් එක Encrypt කරලා ඒක කෙල්ලට යවනවා. කෙල්ල දන්නවා Encrypted message එක කියවන විදිය. එයා ඒක Decrypt කරලා, ඒ කිව්වෙ තේරෙන විදියට හරවලා කියවනවා.  අම්මා ඕක කියෙව්වා කියලා වැඩක් තියෙනවද? අම්මට පේන්නෙ කිසි තේරුමක් නැති ඉංග්‍රීසි අකුරු ගොඩක් විතරයි.

හබැයි මෙතන එක අවුලක් තියෙනවා. මොකද අම්මට පුළුවන් කෙල්ලගෙ නම්බර් එක බලාගන්න. ඒකට මේ උදාහරනේදි විසඳුමක් නැති වුණාට VPN එකකදි ඒකටත් විසඳුමක් තියෙනවා.

VPN එකකදි ඇත්තටම වෙන වැඩේ

VPN එකකදි අර උදාහරණය apply වෙන්නෙ මෙහෙමයි. මැසේජ් එක යවන කොල්ලා තමයි ඔයාගෙ කම්පියුටර් එක / ඩිවයිස් එක. මැසේජ් එක අරන් යන අම්මගෙ ෆෝන් එක තමයි ISP. ඔයා කනෙක්ට් වෙන්න උත්සාහ කරන නෙට්වර්ක් එක තමයි කෙල්ල. එතකොට ෆෝන් නම්බර් එක IP address එක කියලා ගන්න පුළුවන් (බොහෝම සරලව.)

VPN එකෙන් ඔයාගෙ Device එකත් අදාළ නෙට්වර්ක් එකත් අතර හුවමාරු වෙන දත්ත Encrypt කරලා තමයි යවන්නේ. ඒ වගේම IP address එකත් වෙනස් කරනවා. ඔයාගෙ ලොකේෂන් එකත් වෙනස් කරලා පෙන්නනවා.

මම අර කලින් කිව්ව විදියට ඔයාගෙ IP එකයි, ලොකේෂන් එකයි වෙනස් වෙන්න හේතුව තමයි අපි VPN එකක්දි හැම නිතරම අතරමැදි සර්වර් එකක් හරහා ඔයාට අවශ්‍ය කරන වෙබ් අඩවිය සහිත සර්වර් එකට කනෙක්ට් වීම. ඒ සර්වර් එකට තමයි අපි VPN සර්වර් එක කියලා කියන්නෙ. මෙන්න මේ VPN සර්වර් එක තමයි ඔයා වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන වෙබ් අඩවියෙ දත්ත ටික එකතු කරලා අර කලින් කිව්ව Encrypted සම්බන්ධතාව හරහා ඔයාට එවන්නෙ.

මේ විදියට VPN එක කරන වැඩේ නිසා ඔයයි, අදාළ නෙට්වර්ක් එකයි අතර ඩේටා සන්නිවේදනය හරියට බටයක් අස්සෙන් යනවා වගේ. පිට කෙනෙක්ට බටයක් තියෙන බව පෙණුනත් ඇතුළෙන් යන්නේ මොනාද කියලා පේන්නෙ නෑ.

ඒක හරියට ඔයාගෙ ඩිවයිස් එකයි, අදාල සර්වර් පද්ධතියයි අතරේ ඇත්තටම වයර් එකක් ඇදලා සම්බන්ධ කරලා හදන පෞද්ගලික ජාලයක් වගේ. ඒත් ඇත්තටම එහෙම වයර් එකක් ඇදලා නැහැනේ, අපි කරලා තියෙන්නේ අපේ දත්ත සන්නිවේදනය තුන්වෙනි පාර්ශවයකට බලන්න බැරි වෙන්න Encrypt කිරීමක් නේ. ඒත් මේක පේන්නෙ අන්න අර වගේ වයර් එකක් ඇද්දා වගේ නිසා, තමයි. අපි මේකට Virtual Private Network කියලා කියන්නේ.

එතකොට කොහොමද අපි අර තහනම් කරපු Facebook එකට, VPN එකක් දාගෙන ගියේ?

දැන් ඔයා දන්නවනෙ ඔයාට ලැබෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එක කාණුවක් වගේ කියලා, ඒ කාණුව දිහා ISP කියන එකා බලාගෙනත් ඉන්නවා කියලා. මොකක් හරි හේතුවක් නිසා ඔය ISP ට ඕන නම් ඔය කාණුවේ හුවමාරු වෙන දෙයක් ඔයාට යන්න නොදී නවත්තන්න, ඒක කරන්න හරි පහසුවෙන් පුළුවන්. ඔයා Facebook ලොග් වෙලා ඉන්නවා කියමුකො, එතකොට ISP ට පේනවා මේ යකා දැන් Facebook ලොග් වෙලා ඉන්නේ කියලා. (වරදවා වටහාගන්න එපා, එයාලට බෑ ඔයා facebook එකේ කරන දේවල් බලන්න. ඒකට HTTPS වගේ එන්ක්‍රිප්ෂන් වෙනම යනවා. එයාලට පුළුවන් ඔයා ෆේස්බුක් එකේ තමයි දැන් ඉන්නේ කියලා විතරක් දැනගන්න) ඒ විතරක් නෙවෙයි, ඔයා යන ඕනම සයිට් එකක් ගැන ISP ට පේනවා, මොකද මේක කාණුවක් නෙ.

ඉතින්, රජයට ඕන වුණාම යම්කිසි අඩවියට ඔයා පිවිසෙන එක වළක්වන්න, රජය කරන්නේ ISP ට කතා කරලා කියනවා, ඔන්න ඔය ඕකුන් ෆේස්බුක් යන එක නවත්තපන් කියලා. එතකොට ISP ත් මොකාද වගේ අර කාණුවේ හයි කරනවා දැලක්, නැත්නම් පෙරණයක්, නැත්නම් Filter එකක්. ඒකෙන් Facebook සයිට් එකෙන් එන්න දත්ත (පැකට්ටු) ෆිල්ටර් කරනවා. ෆේස්බුක් එකට යන්න හදන ඒවත් ෆිල්ටර් වෙනවා. ආන්න එතකොට අපි කියනවා අපිට ෆේස්බුක් බ්ලොක් කරලා කියලා.

ඔන්න දැන් තමයි වැඩේ, ඔයා දාගන්නවා VPN එකක්, කනෙක්ට් වෙනවා අදාල VPN එකට. දැන් ඔයාට තියෙන්නේ කාණුවක් නෙවෙයි PVC බටයක්. දැන් ISP දන්නෙ නෑ මූ මොනා කරනවද කියලා. ඇත්තටම ISP ට පේනවා යමක්, ඌට පේනවා ඔයා Encrypted connection එකකින් සර්වර් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. (VPN server එකට) ඒ සර්වර් එකට මොන මොනාදෝ යවනවා, ඒ සර්වර් එකෙනුත් මොන මොනාදෝ එවනවා. අන්න එච්චර තමයි පේන්නේ.  මේකා ලොග් වෙලා ඉන්නේ ෆේස්බුක් ද, මොකක්ද අනන් මනන් මෙලෝ දෙයක් පේන්නේ නෑ.

ඉතින් දැන් කොහොමද ISP අදාළ ෆේස්බුක් සර්වර් එකෙන් එන Data Filter කරන්නේ? කරන්න බැහැ. එයා දාන් ඉන්න ෆිල්ටර් එකට අපි කරන වැඩ මුකුත් අහු වෙන්නේ නැහැ. ආන්න ඔහොමයි අපි ඒ කාලේ Facebook ගියේ.

නොමිලේ දෙන VPN ඇයි හොඳ නැත්තෙ?

නොමිලේ දෙන විතරක් නෙවෙයි, සල්ලි වලට දුන්නත් VPN කියන්නෙ හොයලා බලලා පරිස්සමින් අරන් පාවිච්චි කරන්න ඕන tool එකක්. ඒකට හේතුව, VPN Server එක maintain කරන කෙනාට ඔයා යන සයිට් වල විස්තර වගේම form fill කරන විස්තර වගේ දේවල් වුණත් ලබාගන්න බැරි නෑ, මොකද VPN Server වල log file එකක් ගබඩා වෙන්න හදන්න පුළුවන්. සමහර VPN සමාගම් මේ log එක විකුණනවා විවිධ කූඨ ව්‍යාපාර වලට. Ads, spams ආදී මෙකී නොකී බොහෝ අවුල් ඔය නොමිලේ දෙන VPN නිසා ඇති වෙන්න පුළුවන්. වෙළඳපලේ යම් නමක් තියෙන සහ විශ්වාසනීය බව තියෙන කම්පනි එකකින් විතරක් VPN ගන්න ඕන ඒකයි. හොඳම දේ, IT පිළිබඳ දැණුමක් තියෙන කෙනෙක් නම්, තමන්ගෙම VPN server එකක් පටන්ගන්න එක. ඒක තමන්ගෙ පාවිච්චියට තියාගන්න පුළුවන්. එතකොට ඒක වේගවත් වගේම විශ්වාසවන්තයි.

මෙහි සම්පූර්ණ කෘත අයිතිය ඇත්තේ https://androidwedakarayo.com/what-is-vpn/ සතුවේ.. :)

BIOS Error codes ගැන සිංහලෙන්


 

BIOS එහෙමත් නැත්නම් Basic Input Output System කියන්නෙ අපේ Computers මූලිකව පණගන්වන පද්ධතියටයි. මේ මූලික පණගැන්වීමෙදි සිදුවෙන POST – Power On Self Test එකේදී මොකක් හරි Error එකක් ආවොත් ඒ ගැන අපට කියන්න මේ BIOS වලින්  Error beep codes පාවිච්චි කරනව.

මේ තියෙන්නෙ ප්‍රධාන BIOS system වලින් එන Error beep codes සහ ඒ වලින් කියන්නෙ මොනාද කියන එකයි.

AMI BIOS වල Error codes සහ විසදුම්

Beep codeDescription
කෙටි beep 1Memory Refresh Error - RAM එක මාරු කරල බලන්න.
කෙටි beep 2Parity Error in base memory - RAM එක මාරු කරල බලන්න
කෙටි beep 3base memory read write error - RAM එක මාරු කරන්න
කෙටි beep 4System Timer failure - RAM එක ගලවල fix කරල බලන්න. නැත්නම් Expansion cards ගලවල fix කරල බලන්න. අවසාන option එක motherboard එක replace කරන එකයි
කෙටි beep 5CPU Failure - බොහෝ වෙලාවට CPU එක මාරු කරන්න වෙනව.
කෙටි beep 6Keyboard A20 Gate Error - keyboard එක මාරු කරල බලන්න. Expansion cards ගලවල බලන්න. නැත්නම් motherboard එක replace කරන්න.
කෙටි beep 7General Exception Error - මේක CPU හෝ Motherboard issue එකක් වෙන්න පුලුවන්. එකින් එක replace කරල බලන්න වෙනව.
කෙටි beep 8Display Memory Error - Graphic card හරියට Fix වෙලාද බලන්න. නැත්නම් මාරු කරල බලන්න.
කෙටි beep 9BIOS Checksum Error - BIOS clear කරල බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව.
කෙටි beep 10CMOS read/write error - BIOS clear කරල බලන්න. Expansion cards ගලවා නැවත සවිකර බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව.
කෙටි beep 11Cache memory error - BIOS clear කරල බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව.
දිගු beep 1 + කෙටි beep 2Video card memory error - Graphic card එක ගලවා නැවත සවිකරන්න. නැත්නම් Graphic card එක replace කරන්න වෙනව.
දිගු beep 1 + කෙටි beep 8Video adapter test failed - Graphic card එක ගලවා නැවත සවිකරන්න. නැත්නම් Graphic card එක replace කරන්න වෙනව.
Siren - 2 tonesLow CPU Fan / Voltage error - CPU Fan එක බලන්න. Power supply එක check කරන්න.

@CopyRight - https://www.pcguide.lk

Chrome Web Browser එක මඟින් ඔබගේ password වෙනත් අයෙකු සමඟ ඉක්මනින් share කරගැනීමේ හැකියාව ලබා දෙන ලකුණු



 Google Chrome Web Browser එක ලොව ජනප්‍රියතම web browser එක මෙන්ම, Google ආයතනය සතු Web Browser එකක් බව ඔබ මේ වන විටත් හොදින්ම දන්නා කරුණක්.

බොහෝ පිරිසක් Google chrome භාවිතා කරනු ලබන්නේ අනෙකුත් Web Browser වලට වඩා වැඩි ලේසියකින් සහ කාර්යක්ෂම තාවයකින් යුතුව තම වැඩ කටයුතු එදිනෙදා කරගැනීමේ හැකියාව Google Chrome Web Browser එක සතුවන නිසා.

Google Chrome හි built-in password manager පහසුකම අපගේ සියළුම password මතක තබා ගැනීමෙන් සහ වෙබ් අඩවි සහ යෙදුම් හරහා autofill වීමෙන් අපගේ ඩිජිටල් ජීවිතය වඩාත් පහසු කරයි.

Google password manager සඳහා නව විශේෂාංගයක් නිර්මාණය කරමින් සිටින අතර එමඟින් පරිශීලකයින්ට පහසුවෙන් සහ ආරක්ෂිතව password share කර ගැනීමට ඉඩ සලසයි.

Chromium tipster කෙනෙකු වන @Leopeva64 විසින් අන්තර්ජාලට එක්කර ඇති තොරතුරු අනුව පෙනි යන්නේ Google ඉක්මනින් Chrome හි ඇති මුරපද කළමනාකරු තුළ නව “send password” button එක් කරනු ඇති බවයි.

මෙමඟින් password manager තුළ සුරකින ලද එක් එක් Username/ password අසල දිස්වන තිත් තුන කිල්ක් කිරිම මඟින් එම “send password” button එක වෙත යාමට හැකියාව ලැබෙනු ඇත.

කේසේ නමුත් තවමත් Google Chrome හි “send password” button එක ක්‍රියාත්මක නොවෙන නිසාවෙන් මෙය කෙලෙස වැඩ කරනවාද යන්න පිළිබඳ අදහස් දැක්විම අපහසු වන අතර මෙම පහසුකම තවමත් Google සමාගම විසින් නිර්මාණය කරමින් පවතනි බවට අපට සිතිය හැක.

හොඳම password manager සේවාවන් කිහිපයක් ගැන දැනගනිමු

 ඔබ නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුනම් මේ වන වි‍ටත් ඔබ අන්තර්ජාලය හරහා භාවිතා කරන විවිධ සේවාවන් සඳහා account සාදාගෙන ඇති. සමහර විට ඔබට මේ වෙද්දි ඔබ යොදා ඇති password මතක තබා ගැනීම තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

මේ ගැටළුව මගහරවා ගැනීම සඳහා අපට password manager සේවාවන් භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර මෙම ලිපිය මගින් ඔබට දැනට පවතින හොඳම password manager සේවාවන් කිහිපයක් පිළිබඳව දැනගන්න පුළුවන්.

Password Manager සේවාවක් යනු, ඔබ භාවිතා කරන mobile device, websites සහ වෙනත් සේවාවන්හි app සහ account වෙත login වීමට භාවිතා කරන password සහ login information ගබඩා කරන encrypted digital vault එකක් විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ඔබගේ login information සුරක්ෂිතව තබා ගැනීමට අමතරව, හොඳ password manager සේවාවකට strong password එකක් generator කිරීමට, ඔබ එකම password එක ස්ථාන කිහිපයක භාවිතා නොකරන බවට සහතික කිරීම වැනි ඔබගේ account සුරක්ෂිත කරගත හැකි අයුරින් ක්‍රියා කරයි.

තවද, password manager සේවාවක් භාවිතා කරන විට credit card තොරතුරු හෝ shipping addresses වැනි විවිධ තොරතුරු ඔබට මතක තබා ගත යුතු නැත. එක් ප්‍රධාන password එකකින් හෝ සමහර අවස්ථාවලදී PIN එකක් හෝ ඔබේ fingerprint එක මඟින් ඔබට form එකක් auto fill කරගැනීමටද පුලුවන්.

Best free password manager

  • මුදල් ගෙවිමකින් තොරව මෙහි free version එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
  • අවශ්‍යය නම් මසක‍ට ඇමරිකානු ඩොලර් 3 ක මුදලක් ගෙවා Premium පහසුකම් භාවිතා කරන්න පුළුවන්.
  • Windows, MacOS, Linux, Android, iPhone සහ iPad සදහාද මෙම සේවාව සහාය දක්වන අතර Chrome, Firefox, Safari, Internet Explorer, Edge සහ Opera වැනි web browser සඳහා Browser extension එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

LastPass හි free version එක මෙම කාණ්ඩයේ හොඳම password manager සේවාව ලෙස කැපී පෙනෙන අතර password, user login info ගබඩා කිරීමට සහ ජංගම උපාංග සහ Browser එක හරහා ඔබට අවශ්‍ය ඕනෑම තැනකදී sync කිරීමට ඔබට හැකියාව ලබා දෙනවා. අවශ්‍යනම් ඔබට වෙනත් පුද්ගලයෙකු සමඟ login information share කරගැනිමේ හැකියාවද මෙහිදී ලබාදී ති‍බෙනවා.

LastPass හි Premium version එක මිලදී ගතහොත් ඔබට තවත් අමතර පහසුකම් ලැබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඔබට LastPass හි නිළ වෙබ් අඩවියට පිවිසිම මගින් දැනගන්න පුලුවන්.

LastPass

Best subscription password manager




  • දවස් 30 ක Trial version එකක් ලබාදී ති‍බෙනවා.
  • මෙම සේවාව භාවිතා කිරීම සඳහා මසකට ඇමරිකානු ‍‍‍ඩොලර් 2.99 වැනි මුදලක් ගෙවිය යුතු වෙනවා.
  • Windows, MacOS, Linux, Chrome OS, Android, iPhone සහ iPad යන උපාංග සඳහා මෙන්ම Chrome, Firefox, Safari, Edge සහ Opera වැනි web browser සඳහා Browser extension එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ඔබගේ login information පුද්ගලිකව සහ ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඔබ විශ්වාසදායක password manager සේවාවක් සොයන්නේ නම්, 1Password එම කාර්යය සඳහා හොඳම password manager සේවාව වන අතර, එක් ප්‍රධාන password එකක් සමඟ ඔබේ accounts සහ services වෙත ප්‍රවේශ වීමට ඔබට ඉඩ සලසයි.

එමෙන්ම ඔබට 1password Password Manager සේවාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට පිවීසීමට හැකියාව තිබෙනවා.

1Password

නොමිලේ ලබා දෙන හෝ මිලදි ගත යුතු අනෙකුත් password manager සේවාවන්

Bitwarden

  • මුදල් ගෙවිමකින් තොරව මෙහි free version එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
  • Premium පහසුකම් ලබාගැනීම සඳහා වසරකට ඩොලර් 10 මුදලක් ගෙවිය යුතුය.
  • Windows, MacOS, Linux, Android, iPhone සහ iPad උපාංග සඳහාද, Browser extension එකක් ලෙස Chrome, Firefox, Safari, Edge, Opera, Vivaldi, Brave සහ Tor වැනි Browser සඳහාද සහාය දක්වනවා.

අප මුලින් සඳහන් කළ පහසුකම් මෙම සේවාව සතුවද ඇති අතර ඔබට අවශ්‍යනම් Bitwarden හි නිළ වෙබ් අඩවියට පිවිසිම මගින් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබෙනවා.

Bitwarden Open Source Password Manager
Bitwarden, the open source password manager, makes it easy to generate and store unique passwords for any browser or device. Create your free account on the platform with end-to-end encryption and flexible integration options for you or your business.
Dashlane
  • Limited free version එකක් ලබාදෙයි. (එක් account එකක් සඳහා passwords 50 පමණක් භාවිතා කළ හැක.)
  • Premium පහසුකම් ලබාගැනීම සඳහා මසකට ඩොලර් 3.33 ක මුදලක් ගෙවිය යුතුය.
  • Windows, MacOS, Android, iPhone සහ iPad යන උපාංග සඳහාද, Browser extension එකක් ලෙස Chrome, Firefox, Safari, Internet Explorer, Edge සහ Opera වැනි Browser සඳහාද භාවිතා කළ හැක.

ඔබගේ passwords manage කිරීමට සහ වෙනත් login information ගබඩා කර තැබීමට Dashlane සරල සහ ආරක්ෂිත වෙනවා මෙන්ම මෙහිදීද 1Password සහ LastPass හි ඇති Premium subscription plans සමාන වෙනවා.

ඔබට Dashlane Password Manager සේවාව ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

KeePassXC
  • නොමිලේ භාවිතා කළ හැක.
  • Donations ලබාදීමට හැකියාව පවතිනවා.
  • Windows, MacOS, Linux, Chrome OS, Android, iPhone සහ iPad, BlackBerry, Windows Phone සහ Palm OS වලදී හා web එක මගින් භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

KeePass යනු open-source password manager software එකක් වන අතර මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතයට ගන්න පුලුවන්. එමෙන්ම Electronic Frontier Foundation එක විසින් මෙම සේවාව අනුමත කර තිබෙනවා.

ඔබට KeePassXC ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

KeePassXC Password Manager

මෙහි මුල් අයිතිය https://technews.lk/ සතුය.