BIOS Error codes ගැන සිංහලෙන්


 

BIOS එහෙමත් නැත්නම් Basic Input Output System කියන්නෙ අපේ Computers මූලිකව පණගන්වන පද්ධතියටයි. මේ මූලික පණගැන්වීමෙදි සිදුවෙන POST – Power On Self Test එකේදී මොකක් හරි Error එකක් ආවොත් ඒ ගැන අපට කියන්න මේ BIOS වලින්  Error beep codes පාවිච්චි කරනව.

මේ තියෙන්නෙ ප්‍රධාන BIOS system වලින් එන Error beep codes සහ ඒ වලින් කියන්නෙ මොනාද කියන එකයි.

AMI BIOS වල Error codes සහ විසදුම්

Beep codeDescription
කෙටි beep 1Memory Refresh Error - RAM එක මාරු කරල බලන්න.
කෙටි beep 2Parity Error in base memory - RAM එක මාරු කරල බලන්න
කෙටි beep 3base memory read write error - RAM එක මාරු කරන්න
කෙටි beep 4System Timer failure - RAM එක ගලවල fix කරල බලන්න. නැත්නම් Expansion cards ගලවල fix කරල බලන්න. අවසාන option එක motherboard එක replace කරන එකයි
කෙටි beep 5CPU Failure - බොහෝ වෙලාවට CPU එක මාරු කරන්න වෙනව.
කෙටි beep 6Keyboard A20 Gate Error - keyboard එක මාරු කරල බලන්න. Expansion cards ගලවල බලන්න. නැත්නම් motherboard එක replace කරන්න.
කෙටි beep 7General Exception Error - මේක CPU හෝ Motherboard issue එකක් වෙන්න පුලුවන්. එකින් එක replace කරල බලන්න වෙනව.
කෙටි beep 8Display Memory Error - Graphic card හරියට Fix වෙලාද බලන්න. නැත්නම් මාරු කරල බලන්න.
කෙටි beep 9BIOS Checksum Error - BIOS clear කරල බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව.
කෙටි beep 10CMOS read/write error - BIOS clear කරල බලන්න. Expansion cards ගලවා නැවත සවිකර බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව.
කෙටි beep 11Cache memory error - BIOS clear කරල බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව.
දිගු beep 1 + කෙටි beep 2Video card memory error - Graphic card එක ගලවා නැවත සවිකරන්න. නැත්නම් Graphic card එක replace කරන්න වෙනව.
දිගු beep 1 + කෙටි beep 8Video adapter test failed - Graphic card එක ගලවා නැවත සවිකරන්න. නැත්නම් Graphic card එක replace කරන්න වෙනව.
Siren - 2 tonesLow CPU Fan / Voltage error - CPU Fan එක බලන්න. Power supply එක check කරන්න.

@CopyRight - https://www.pcguide.lk

Chrome Web Browser එක මඟින් ඔබගේ password වෙනත් අයෙකු සමඟ ඉක්මනින් share කරගැනීමේ හැකියාව ලබා දෙන ලකුණු



 Google Chrome Web Browser එක ලොව ජනප්‍රියතම web browser එක මෙන්ම, Google ආයතනය සතු Web Browser එකක් බව ඔබ මේ වන විටත් හොදින්ම දන්නා කරුණක්.

බොහෝ පිරිසක් Google chrome භාවිතා කරනු ලබන්නේ අනෙකුත් Web Browser වලට වඩා වැඩි ලේසියකින් සහ කාර්යක්ෂම තාවයකින් යුතුව තම වැඩ කටයුතු එදිනෙදා කරගැනීමේ හැකියාව Google Chrome Web Browser එක සතුවන නිසා.

Google Chrome හි built-in password manager පහසුකම අපගේ සියළුම password මතක තබා ගැනීමෙන් සහ වෙබ් අඩවි සහ යෙදුම් හරහා autofill වීමෙන් අපගේ ඩිජිටල් ජීවිතය වඩාත් පහසු කරයි.

Google password manager සඳහා නව විශේෂාංගයක් නිර්මාණය කරමින් සිටින අතර එමඟින් පරිශීලකයින්ට පහසුවෙන් සහ ආරක්ෂිතව password share කර ගැනීමට ඉඩ සලසයි.

Chromium tipster කෙනෙකු වන @Leopeva64 විසින් අන්තර්ජාලට එක්කර ඇති තොරතුරු අනුව පෙනි යන්නේ Google ඉක්මනින් Chrome හි ඇති මුරපද කළමනාකරු තුළ නව “send password” button එක් කරනු ඇති බවයි.

මෙමඟින් password manager තුළ සුරකින ලද එක් එක් Username/ password අසල දිස්වන තිත් තුන කිල්ක් කිරිම මඟින් එම “send password” button එක වෙත යාමට හැකියාව ලැබෙනු ඇත.

කේසේ නමුත් තවමත් Google Chrome හි “send password” button එක ක්‍රියාත්මක නොවෙන නිසාවෙන් මෙය කෙලෙස වැඩ කරනවාද යන්න පිළිබඳ අදහස් දැක්විම අපහසු වන අතර මෙම පහසුකම තවමත් Google සමාගම විසින් නිර්මාණය කරමින් පවතනි බවට අපට සිතිය හැක.

හොඳම password manager සේවාවන් කිහිපයක් ගැන දැනගනිමු

 ඔබ නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුනම් මේ වන වි‍ටත් ඔබ අන්තර්ජාලය හරහා භාවිතා කරන විවිධ සේවාවන් සඳහා account සාදාගෙන ඇති. සමහර විට ඔබට මේ වෙද්දි ඔබ යොදා ඇති password මතක තබා ගැනීම තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

මේ ගැටළුව මගහරවා ගැනීම සඳහා අපට password manager සේවාවන් භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර මෙම ලිපිය මගින් ඔබට දැනට පවතින හොඳම password manager සේවාවන් කිහිපයක් පිළිබඳව දැනගන්න පුළුවන්.

Password Manager සේවාවක් යනු, ඔබ භාවිතා කරන mobile device, websites සහ වෙනත් සේවාවන්හි app සහ account වෙත login වීමට භාවිතා කරන password සහ login information ගබඩා කරන encrypted digital vault එකක් විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ඔබගේ login information සුරක්ෂිතව තබා ගැනීමට අමතරව, හොඳ password manager සේවාවකට strong password එකක් generator කිරීමට, ඔබ එකම password එක ස්ථාන කිහිපයක භාවිතා නොකරන බවට සහතික කිරීම වැනි ඔබගේ account සුරක්ෂිත කරගත හැකි අයුරින් ක්‍රියා කරයි.

තවද, password manager සේවාවක් භාවිතා කරන විට credit card තොරතුරු හෝ shipping addresses වැනි විවිධ තොරතුරු ඔබට මතක තබා ගත යුතු නැත. එක් ප්‍රධාන password එකකින් හෝ සමහර අවස්ථාවලදී PIN එකක් හෝ ඔබේ fingerprint එක මඟින් ඔබට form එකක් auto fill කරගැනීමටද පුලුවන්.

Best free password manager

  • මුදල් ගෙවිමකින් තොරව මෙහි free version එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
  • අවශ්‍යය නම් මසක‍ට ඇමරිකානු ඩොලර් 3 ක මුදලක් ගෙවා Premium පහසුකම් භාවිතා කරන්න පුළුවන්.
  • Windows, MacOS, Linux, Android, iPhone සහ iPad සදහාද මෙම සේවාව සහාය දක්වන අතර Chrome, Firefox, Safari, Internet Explorer, Edge සහ Opera වැනි web browser සඳහා Browser extension එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

LastPass හි free version එක මෙම කාණ්ඩයේ හොඳම password manager සේවාව ලෙස කැපී පෙනෙන අතර password, user login info ගබඩා කිරීමට සහ ජංගම උපාංග සහ Browser එක හරහා ඔබට අවශ්‍ය ඕනෑම තැනකදී sync කිරීමට ඔබට හැකියාව ලබා දෙනවා. අවශ්‍යනම් ඔබට වෙනත් පුද්ගලයෙකු සමඟ login information share කරගැනිමේ හැකියාවද මෙහිදී ලබාදී ති‍බෙනවා.

LastPass හි Premium version එක මිලදී ගතහොත් ඔබට තවත් අමතර පහසුකම් ලැබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඔබට LastPass හි නිළ වෙබ් අඩවියට පිවිසිම මගින් දැනගන්න පුලුවන්.

LastPass

Best subscription password manager




  • දවස් 30 ක Trial version එකක් ලබාදී ති‍බෙනවා.
  • මෙම සේවාව භාවිතා කිරීම සඳහා මසකට ඇමරිකානු ‍‍‍ඩොලර් 2.99 වැනි මුදලක් ගෙවිය යුතු වෙනවා.
  • Windows, MacOS, Linux, Chrome OS, Android, iPhone සහ iPad යන උපාංග සඳහා මෙන්ම Chrome, Firefox, Safari, Edge සහ Opera වැනි web browser සඳහා Browser extension එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ඔබගේ login information පුද්ගලිකව සහ ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඔබ විශ්වාසදායක password manager සේවාවක් සොයන්නේ නම්, 1Password එම කාර්යය සඳහා හොඳම password manager සේවාව වන අතර, එක් ප්‍රධාන password එකක් සමඟ ඔබේ accounts සහ services වෙත ප්‍රවේශ වීමට ඔබට ඉඩ සලසයි.

එමෙන්ම ඔබට 1password Password Manager සේවාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට පිවීසීමට හැකියාව තිබෙනවා.

1Password

නොමිලේ ලබා දෙන හෝ මිලදි ගත යුතු අනෙකුත් password manager සේවාවන්

Bitwarden

  • මුදල් ගෙවිමකින් තොරව මෙහි free version එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
  • Premium පහසුකම් ලබාගැනීම සඳහා වසරකට ඩොලර් 10 මුදලක් ගෙවිය යුතුය.
  • Windows, MacOS, Linux, Android, iPhone සහ iPad උපාංග සඳහාද, Browser extension එකක් ලෙස Chrome, Firefox, Safari, Edge, Opera, Vivaldi, Brave සහ Tor වැනි Browser සඳහාද සහාය දක්වනවා.

අප මුලින් සඳහන් කළ පහසුකම් මෙම සේවාව සතුවද ඇති අතර ඔබට අවශ්‍යනම් Bitwarden හි නිළ වෙබ් අඩවියට පිවිසිම මගින් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබෙනවා.

Bitwarden Open Source Password Manager
Bitwarden, the open source password manager, makes it easy to generate and store unique passwords for any browser or device. Create your free account on the platform with end-to-end encryption and flexible integration options for you or your business.
Dashlane
  • Limited free version එකක් ලබාදෙයි. (එක් account එකක් සඳහා passwords 50 පමණක් භාවිතා කළ හැක.)
  • Premium පහසුකම් ලබාගැනීම සඳහා මසකට ඩොලර් 3.33 ක මුදලක් ගෙවිය යුතුය.
  • Windows, MacOS, Android, iPhone සහ iPad යන උපාංග සඳහාද, Browser extension එකක් ලෙස Chrome, Firefox, Safari, Internet Explorer, Edge සහ Opera වැනි Browser සඳහාද භාවිතා කළ හැක.

ඔබගේ passwords manage කිරීමට සහ වෙනත් login information ගබඩා කර තැබීමට Dashlane සරල සහ ආරක්ෂිත වෙනවා මෙන්ම මෙහිදීද 1Password සහ LastPass හි ඇති Premium subscription plans සමාන වෙනවා.

ඔබට Dashlane Password Manager සේවාව ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

KeePassXC
  • නොමිලේ භාවිතා කළ හැක.
  • Donations ලබාදීමට හැකියාව පවතිනවා.
  • Windows, MacOS, Linux, Chrome OS, Android, iPhone සහ iPad, BlackBerry, Windows Phone සහ Palm OS වලදී හා web එක මගින් භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

KeePass යනු open-source password manager software එකක් වන අතර මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතයට ගන්න පුලුවන්. එමෙන්ම Electronic Frontier Foundation එක විසින් මෙම සේවාව අනුමත කර තිබෙනවා.

ඔබට KeePassXC ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

KeePassXC Password Manager

මෙහි මුල් අයිතිය https://technews.lk/ සතුය.

ඔබේ Apple දුරකතනයේ පිටුපස ඇති Apple Logo එක Shortcut Button එකක් ලෙස භාවිතා කළ හැක බව ඔබ දැන සිටියාද?



 Apple දුරකථනයක බාහිරින් ඇති ආකර්ෂණීයම කොටස වන්නේ 3D feel එකක් ලබා දෙන Apple logo එක බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

නමුත් එය තවදුරටත් නිකන්ම Logo එකක් පමණක් නොවන බව ඔබ දන්නවාද?

iPhone 8 වල සිට සහ iOS 14 සිට ඉහල iOS version එකක් ඔබේ Apple  දුරකථනයේත් ධාවනය වෙනවානම්, දැන් ඔබට එම Apple logo එක shortcut button එකක් ලෙස භාවිතා කරන්නට පුලුවන්.

"Back Tap" ලෙස හඳුන්වන මෙම නවතම විශේෂාංගය ඔබට , Settings හි Accessibility වෙත ගොස් එතනින් Touch යන option එක පිවිස menu එක පහළට ගිය පසු ලැබෙන 'Back Tap" කියන option එකෙන් activate කරගන්න පුලුවන්.

ඒ වගේම ඔබට Apple logo එක double tap කල විට, triple tap කල විට කුමන features එකක් enable වෙන්න ඕනෙද කියල select කරගන්නත් හැකියාව තියෙනවා.

මේ feature එකෙන් ඔබට volume control, screenshots, returning to the Home or Lock screens or switching between apps, Apple Siri active කරගන්න වගේ විශාල features ප්‍රමාණයකට access දෙන්න පුලුවන්.

Double tap කලොත් කුමක් සිදුවිය යුතුද යන්න හා triple tap කලොත් කුමක් සිදුවිය යුතු ද යන්න ලෙස ඔබට එකවර features දෙකක්ම භාවිතා කරන්නත් මේ feature එකෙන් හැකියාව තිබෙනවා.

කොහොම උනත් ඔබ ඔබේ iPhone එකට ඝනකමින් වැඩි back cover එකක් පාවිච්චි කරනවා නම්, මේ feature එක හරියට ක්‍රියාත්මක නොවන බවටත් මතක තබාගත යුතුයි.

මෙහි මුල් අයිතිය https://technews.lk/ සතුය.

TikTok වීඩියෝවක උපරිම දිග මිනිත්තු 10ක් දක්වා පුළුල් කරයි



 ලොව පුර සක්‍රීය පරිශීලකයින් බිලියනයේ සීමාව ඉක්මවා ගිය, Portrait videos සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන TikTok සමාජ මාධ්‍ය වේදිකාව තුළ මීට පෙර උපරිම මිනිත්තු 3ක් දක්වා වූ videos upload කිරීමේ හැකියාව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (මාර්තු 2) TikTok සමාගම, YouTube සමාගමට අභියෝගයක් එල්ල කරමින් TikTok සඳහා long-form videos upload කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව TikTok සමාගම The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් සෑම විටම ක්‍රියාකරන්නේ තම පරිශීලකයින්ට වටිනාකමක් එක් කිරීමට සහ TikTok හරහා ලබා ගත හැකි අත්දැකීම පුළුල් කිරීම සඳහා වන නව ක්‍රමෝපායන් පිළිබඳව බවයි.

Social media consultant සහ analyst වරයෙකු වන Matt Navarra සිය Twitter ගිණුමේ සටහන් තබමින් පවසා සිටියේ, සමහර පරිශීලකයින් හට මෙම ප්‍රවෘත්තිය App එක තුළ Notification එකක් ආකාරයට ලබා දී තිබූ බවයි.

මේ පිළිබඳව Matt Navarra විසින් The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, සාමාන්‍යයෙන් long-form content මුදල් ඉපයීමට පහසු වන අතර පරිශීලකයින්ව බොහෝ වේලාවක් සිය platform එක තුළ තබා ගැනීමට සමත් වන බවයි. කෙසේ වෙතත් TikTok සමාගම මෙම Videos සිය platform එක තුළ ස්ථානගත කර ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලිය යුතු බවයි.

මෙහි මුල් අයිතිය https://technews.lk/ සතුය.

Twitter සඳහා ලඟදීම Podcasts ඇසීමේ පහසුකමක් එක්වෙන ලකුණු



 Twitter යනු අප සෑම දෙනාම පාහේ හොදින්ම දන්නා Social media platform එකක් වන අතර මේ වන විටත් ලොවපුරා පරිශීලයින් මිලියන සංඛ්‍යාවක් twitter භාවිතා කරනු ලබනවා.

අන්තර්ජාලයේ පළවන නවතම වාර්ථා අනුව පැහැදිලි වන්නේ Twitter සමාගම විසින් තම සේවාව තුල අලුතින් podcasting platform එකක් නිර්මාණය කරමින් සිටින බවයි.

Jane Wong විසින් පළකර ඇති ඉහත දක්වා ඇති screenshot එක මඟින් පෙනී යන්නේ Twitter සමාගම bottom navigation bar එකෙහි නව tab එකක් නිර්මාණය කරමින් සිටින බව වන අතර එය podcast සදහා වෙන් කර ඇති බවට පෙන්නුම් කරනු ලබනවා. කෙසේ වෙතත් මෙම විශේෂාංගය නිකුත් වන්නේ කවදාද යන්න පිළිබඳ නිළ සටහනක් තවමත් වාර්ථා වි නොමැත.

Twitter පරිශීලකයින් මෙම නව podcasting section එක පිළිබඳ විවිධ මත මේ වන විටත් පළ කර ඇති අතර සමහර පරිශීලකයින් මෙම නව පහසුකමට වැඩි කැමැත්තක් දක්වනවා වුවත්, බොහෝ අය විශ්වාස කරන්නේ මෙය අනවශ්‍ය ලෙස Twitter භාවිතා කිරීම සංකීර්ණ කරමින් පවතින බවයි.

එසේම, දැනට වාර්ථා වන තොරතුරු අනුව Twitter සමාගම විසින් නිර්මාණය කරන මෙම podcasting section එක ගැන නිවරදි නිගමනයකට ඒමට තරමක් අපහසු වන්නේ Twitter සමාගම විසින් තවමත් මේ පිළිබඳ කිසිදු නිළ ප්‍රකාශයක් කර නැති නිසාවෙනුයි.

කෙසේ නමුත් Twitter සමාගම විසින් අවම වශයෙන් podcast වෙළඳපොළට ඇතුළු වීම ගැන සලකා බලන බව මෙමඟින් පැහැදිලි වන අතර ඔවුන් එසේ ඇතුළු වන්නේ මේ වන විටත් Apple සහ Spotify වැනි ප්‍රධාන තරඟකරුවන් podcast වෙළඳපොළ තුල සිටින විටයි.

සමාජ මාධ්‍යය සහ එහි භාවිතය පිළිබඳව නිවැරදිව දැනගනිමු


 

සමාජ මාධ්‍ය එහෙමත් නැතිනම් Social Media කියූ සැනින් බොහෝ දෙනෙක්ගේ මනසට පැමිනෙන්නේ Facebook නැති නම් YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකාවන්ය. එමෙන්ම සමාජ මාධ්‍යයේ සේවාව සහ සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ කුමක් සදහාද යන්න බොහෝ දෙනා නොදනී. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුලද මේ වන විට නිවැරදි ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයන් ඉතා අල්පය. අද මෙම ලිපිය තුළින් අපි බලමු සමාජ මාධ්‍යවල විකාශනය කෙසේද? මෙහි ප්‍රයෝජනය කුමක්ද සහ සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කරන්නෙ කෙසේද කියලා.

සමාජ මාධ්‍ය වල ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි. ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.

සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 2.34 කි.

2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීමට පටන් ගනු ලැබුණා. 2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි. 2018 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව තුළ සක්‍රීය පරිශීලකයින් බිලියනයක් පමණ සිට ඇත.

සමාජ මාධ්‍යයන්හි අරමුණු

මෙම ලිපිය කියවන බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතා කරන පරිශීලකයන් වන්නට පුලුවන්. නමුත් මේ වනතෙක් සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරනවා. සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.

S - Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගන්නවා එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරනවා. මෙම ලිපිය ලියන මමද, මා සොයා ගත් දැනුම ලිපියක ආකරයෙන් මෙය පරිශීලනය කරන ඔබ හා බෙදා ගැනීමට කටයුතු කරනවා. තොරතුරු බෙදා ගැනීමේදී ඔබ සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතු වනවා.

L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් ලබනවා. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකි වනවා. YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.

I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරිත්වට අපට හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි. Messenger, WhatsApp, Skype වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.

M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි. කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.

සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වනවා. නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපන එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමින්ය. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටම මතය.

අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.

මෙම ලිපිය කියවන සැම දෙනාම සමාජ මාධ්‍යන්හි අරමුණු සහ මෙහි වටිනාකම තේරුම්ගෙන නිවැරදි ලෙස එයින් ප්‍රයෝජන ගන්නේ නම්, ඒ හරහා සිය ජීවිතය සාර්ථක කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සකස් කර ගත හැකිය.

මෙහි මුල් අයිතිය https://technews.lk/ සතුය.

පරිගණක සහ ජංගම දුරකථන වලින් ඇස් වලට වන හානිය ගැන ඔබ දැනුවත් ද? එයින් ආරක්ෂා වන ආකාරය දැනගනිමු

 

ඔබත් දවසේ වැඩි ප්‍රමාණයක් පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරන කරන අයෙක්ද? ඔබ දිනය පුරාම Screen එකක් දිහා බලන් වැඩ කරන නිසා ඔබගේ දෙනෙත් විඩාවට පත්වන බව ඔබ මිට පෙර දැන සිටියාද?

විශේෂඥයන් පවසන පරිදි, පරිගණක, tablets සහ smartphone screens දෙස බලා සිටීමෙන් ඔබේ ඇස් පෙනීම සදාකාලිකවම හානි නොවේ. කෙසේ වෙතත්, එසේ කිරීමෙන් හිසරදය සහ ඇසෙහි පෙනිම දුර්වල විම් වැනි සමහර කරදරකාරී අතුරු ආබාධ ඇති විය හැකි බව වාර්ථා වල සඳහන් වෙනවා‍.

බොහෝ වැඩිහිටියන් සහ ළමුන් දිගුකාලීන පරිගණක ජංගම දුරකථන වැනි උපකරණ භාවිතය හේතුවෙන් අක්ෂි අපහසුතාවයන් සහ පෙනීමේ ගැටළු අත්විඳිනු ලබනවා. The American Optometric සංගමය පවසන්නේ, පරිගණක භාවිතයෙන් සේවය කරන සේවකයින් අතර බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය පැමිණිලි වන්නේ පෙනීම සම්බන්ධ ගැටළු බවයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් 50-90% ක් පරිගණක computer vision syndrome පෙන්නුම් කරන රෝග ලක්ෂණ අත්විඳින බවයි. එපමණක් නොව, screen එක දෙස දිගු වේලාවක් බලා සිටින තරමට අපහසුතාවයේ මට්ටම නරක අතට හැරෙන බවද වාර්ථාවල සඳහන් වෙනවා.

දවසේ බොහො වෙලාවක් Computer Screen එකක් දිහා බලා සිටිමෙන් ඇස් වෙහෙස විම, හිසරදය, පැහැදිලිව නොපෙනීම, බෙල්ලේ සහ උරහිසේ වේදනා වැනි අතුරු ආබාධ දෑ වලට ඔබට මුහුණ දිමට පුලුවන්.

ළමුන් සඳහා ඉහත රෝග ලක්ෂණ වලට අමතරව අවධානය අඩුවීම, දුර්වල හැසිරීම් සහ ඉක්මනින් තරහා යාම දැක්විය හැකි අතර මෙම කරුණු නිසා ඉගෙනිම් කටයුතු අඩාල විමටද පුලුවන්.

එහෙත් ඔබ නිවැරදි ක්‍රියාකාරකම් අනුගමනය කලහොත් ඔබට මෙම සංකුලතා අවම කරගැනීමටද හැකියාව පවතිනවා

  • ඇස් පිල්ලමි ගැසීම - සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇස් පිල්ලම් ගැසීම විනාඩියකට 12 - 18ත් අතර විය යුතු වේ. එසේ වුවද පරිගණකය හෝ ජංගම දුරකථය භාවිතයේ දී මෙම ඇස් පිල්ලම් ගසන වාර ගණන ඉතාමත් අඩුවේ. කඳුලු රැඳීම ඇසෙහි ක්‍රියාකාරිත්වයට උදව් වන බැවින් නිතර ඇස් පිල්ලම් ගැනිම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා‍.
  • අක්ෂර වල ප්‍රමාණය - පරිගණක තිරය දුරින් තිබුනද, අක්ෂරයන්හි කියවිමට පහසු අයුරින් විශාලව තිබිය යුතුවේ.
  • 20-20-20 නීතිය - විනාඩි 20 කට වරක් අඩි 20 ක් ඈතින් ඇති වස්තූන් බැලීමට තත්පර 20 ක විවේකයක් ගැනීමෙන් 20-20-20 රීතිය අනුගමනය කරන්න. මෙම ක්‍රමය ලෝකය පුරා පරිගණකය සමග දවසේ වැඩි හරියක් වැඩ කරන පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබනවා.
  • පරිගණක තිරය - පරිගණක තිරය ඇසෙහි සිට අඟල් 20ක් (අතෙහි දුරින්) තිබිය යුතුය, පරිගණක තිරය ඔබේ ඇස් මට්ටමින් අගල් 6-8ක් පමණ පහලින් සිටින සේ තිබිය යුතු අතරම පරිගණක භාවිතයේදි තිරය අංශක 15ක කෝණයකට නවා තිබිය යුතුවේ. එමෙන්ම පරිගණක තිරය අවම ආලෝකයකින් තිබිම වඩාත් වැදගත්ය. මෙය කාමරයේ ආලෝකය අනුව වෙනස් විය යුතු අතර තිරයේ ආලෝකය පමණක් ඔබ සිටිනා කාමරයේ තිබිම කිසි සේත් සුඳුසු නැත.
  • කාමර ආලෝකය - පරිගණක තිරයට කෙලින්ම ආලෝකය වැදීම වැලැක්විය යුතුය. මේ සඳහා ප්‍රති දිදුලන තිරයක් භාවිතය සුදුසු වේ. ඔබගේ කාබරය තුලට අධික ආලෝකය පාලනය කිරීම සඳහා තිර රෙදි භාවිතා කල හැකිය.
  • Keyboard එක තබා ගන්නා ආකාරය - keyboard එක වැලමිටට පහතින් තිබිය යුතු වන අතර ඉදිරියෙන් මැණික් කටුව තබාගැනීමට ස්ථානයක් තිබිම දෙඅත් කෙලින් තබා ගැනීමට උදව් වේ. මෙම ස්ථානය සුමුදු විය යුතු මෙන්නම ඔබට සැප පහසු පුටුවක්ද භාවිතා කර දෙඅත් කෙලින් තබා ගැනීමට උදව් කරගන්න.

ඉහත පැවසු කරුණු වලට අමතරව ඔබ දවසේ වැඩි හරියක් පරිගණකත් හා බැදුණු වැඩ කරන කෙනෙක් නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයාට ඒ බව පවසා ඔබට සුඳුසු අක්ෂි වෛද්‍යවරයෙකු කරා යොමු කරගන්න. බොහෝ වෛද්‍යවරුන් මෙම සේවාව නොමිලේම කර දෙනු ලබන අතර අක්ෂි වෛද්‍යවරයාගේ උපදෙස් පරිදී ඔබට ගැලපෙන ආකාරයට ඔබ ක්‍රියා කලහොත් Screens දෙස බලා සිටීමෙන් ඔබේ ඇස් පෙනීම සිදුවිය හැකි හානිය තව දුරටත් ඔබට අවම කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි මුල් අයිතිය https://technews.lk/ සතුය.